Net Framework වැඩසටහනට ගිය කළක්

Google සමාගම Android ඉදීරීපත් කලාක් මෙන් Adobe සමාගම Air හා Edge නිකුත් කළාක් මෙන් Microsoft සමාගමද තම වඩාත් ජනප්‍රීයම මෘදුකාංග වපසරිය පටන් Runtime Envirment වැඩසටහනක් වන Net Framework මෘදුකාංග ධාවකය Open Source කිරිමට හෙවත් විවෘත මුලාශ්‍රයක් කිරිමට සැරසෙයි.
මීට අමතරව Net Framework තුලට OS x(Apple) හා Linux Support ද ලබාදිමට තීරණය කර ඇති බැවින්  Net Framework හරහා මෙතෙක් නොලැබු සාර්ථකත්වයක් හා විවිධත්වයක් ලබාගැනිමට හැකි වෙතැයි විශ්වාස කෙරේ.                                                            

New Social network (Ello)

එලෝ සේවය Face book මෙන් නොව මෙහි ඇති හොද වන්නේ වෙලඳ දැන්විම් නෙපෙන්විමයි . එනම් අනුන් ඉදිරියේ විකිනෙන භණ්ඩයක් බවට ඔබව පත් නොකිරිමයි.තවද අනිකුත් සමාජ ජාල මෙන් ඔබගේ පුද්ගලික තෝරතුරු  සමාජයට ලාබාදෙන්නේ නැත
එලෝ සේවය පවන්වා ගෙන යාමට මුදල් උපයාගන්නේ, එයට එක් කළ හැකි විවිධාංග සහ සේවා කැමති අයට විකුණමිනි.
එලෝ සෝෂල් නෙට්වර්කිං සේවය සමඟ ලොව ප්‍රකට සියලු  සෝෂල් නෙට්වර්කිං සේවාවල තිබෙන අංග තිබේ.
එහෙත් එහි ඉන්ටෙෆේස් එක සරලය.
එලෝහි එකවුන්ට් එකක් සාදා ගන්නට අවශ්‍ය නම් තමාටත් එම අවස්ථාව දෙන්නැයි කියා පණිවුඩයක් එලෝ වෙබ් අඩවියට පිවිස යැවිය යුතුය.
එවිට එය තහවුරැ කළ ඊමේල් පණිවුඩයක් ලැබේ.මෙසේ එකවුන්ට් එකක් සාදා ගතහැකිය.
එලෝ සමාජ ජාලය නිර්මාණය කර ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ජනපදයේ පෝල් බට්නීෂ් විසිනි.
2014 මාර්තු 18 වැනිදා කාටත් පරිහරණය කළ හැකි සේ අන්තර්ජාලයට එක් කළේය.එහෙත් එලෝ සේවය ගැන ජන මාධ්‍ය වාර්තා පළ කිරීම ඇරඹුණේ පසුගිය සැප්තැම්බරයේදිය. ඒ සමඟ එලෝ ලෝ ප්‍රකට විණ. එය කෙතරම් ජනප්‍රිය වුවාද කියතොත් දැන් සෑම පැයකටම එලෝ වෙත ඉල්ලීම් 30 000 ක් ලැබේ. එසේ සකසා ගන්නා එකවුට් අතරින් 20% පමණ නිරන්තරයෙන් භාවිතයට ගැනෙන ඒවාය. ඒ අනුව දැන් පැයකට 6000 ක් දෙනා බැඟින් ලෝකයා ඒලෝ වෙත යති.
Face book වලට ඇති තැන නැති වෙයිද❓

Microsoft සමාගමෙන් Keyboard එකක්

Microsoft සමාගමේ Surface Tab මාලාව සඳහා ඇති විශේෂ යතුරු පුවරුවට අමතරව එවැනිම වු වෙනත් නිශ්පාදනයක් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.මෙය Windows,ios හෝ Android ධවනය වන ඕනෑම ජංගම උපාංගයක් සමඟ භාවිත කල හැකිය. යතුරු පුවරුවේ ඇති කුඩා විශේෂ සුවිචයක් මගින් ඔබට අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය තෝරා ගත හැකි අතර උපාංග සමග යතුරු  පුවරුව සම්භන්ද වන්නේ Bluetooth හරහාය.එක් වරක් ආරෝපණය කළ විට මාස 6 ක් පමණ රඳා පවතින බැටරියක් සහිත මෙම යතුරු පුවරුව ඇ .ඩො. 79 කට මිල කර ඇත.

Nivdia හා IBM එක්ව U.S Labs සඳහා සුපිරි පරිගනකයක් නිපදවිමට නිපදවිමට යන ලකුණු 

සුප්‍රකට ඇමරිකාණු පර්යේෂණාගාර ආයතනයක් වන U.S Labs හෙවත් usl හරහා IBM ආයතනයට ඇ . ඩෝ.මිලියන 325ක කොන්ත්‍රාතුවක් භරදි ඇත.
ඔවුන් කල යුත්තේ usl සඳහා සුපිරි පරිගණකයක්  නිර්මාණය කරදිමයි. මේ වන විට  ඇමරිකාණු ආයතන වල අති සුපිරි පරිගණක වලට දිනකට ගිගාබයිට් බිලියන 2.5 ක දත්ත සකස් කරණ අතර IBM සමාගම නිපදවිමට නියමිත පරිගණකයේ මෙයින් 12 ගුණයකටත් වඩා වැඩිවනු ඇත
IBM සමාගම මෙම යොද කර්තව්‍ය සඳහා Nvidia සමාගමේ සහය ලබාගන ඇති අතර කාමරයක්  තරම් විශාල මේම යන්ත්‍රය එකලස් කිරිම 2017 දි ඇරඹේන අතර 2018 වන විට පුර්ණ වශයෙන් පරිහරණය සඳහා                                           සුදානම් කෙරෙනු ඇත.
Sameera madusanka bamunuarachchi.. Powered by Blogger.

Wikipedia

Search results

Translate

Blogger templates

Blogger news

Blogroll

Pages - Menu

BTemplates.com

Pages - Menu